• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යුද්ධ හමුදා රෝහල් (නාරාහේන්පිට) ව්‍යාපෘතියේ තෙවන අදියර ක්‍රියාත්මක කිරීම
- යුද හමුදා මූලස්ථානයේ ස්ථානගත කර තිබූ යුද හමුදා රෝහල, නාර‍ාහේන්පිට ප්‍රදේශයේ ප්‍රතිස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියරෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කරනු ලැබ තිබේ. එම රෝහල සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කිරීම සඳහා එහි තුන්වන අදියර යටතේ වෛද්‍ය පහසුකම්, වෛද්‍ය නිලධාරින්ගේ සහ සෙසු නිලධාරින්ගේ නවාතැන් පහසුකම්, ගබඩා පහසුකම් හා නඩත්තු පහසුකම් සහිතව නව ගොඩනැඟිලි සංකීර්ණ තුනක් (03)ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 7,088.32ක ඇස්තමේන්තුගත පිරිවැයකින් යුද හමුදා රෝහල් ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කිරීමටත්, 2017 වසරේදී එහි ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමටත් ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.