• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය අඛණ්ඩව පවත්වා ගෙන යාම
- දූෂණ විරෝධී ආයතනික ව්‍යූහය ප්‍රතිව්‍යූහගත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති අතර, එක්සත් රාජධානියේ 'බරපතළ වංචා කාර්යාලය' (Serious Frauds Office) හා සමාන සම්පූර්ණයෙන් බලගැන්වුණු බරපතළ වංචා කාර්යාලයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, එලෙස දූෂණ විරෝධී නව ආයතනික ව්‍යූහයක් හඳුන්වා දෙනු ලබන තෙක්, බරපතළ වංචා හා දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීමට සහ අදාළ විමර්ශන කටයුතුවල පහසුකම් සැපයීමට 2015 වර්ෂයේදී පිහිටුවන ලද, දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ (Anti-Corruption Committee Secretariat - ACCS) මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.