• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ - මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවන කොටසෙහි ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා ලබාගැනීම
- මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන, කිලෝමීටර් 39.29ක දිගකින් යුතු දෙවන කොට‍සේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා වන උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ (CPCC) නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.