• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමුද්‍රීය මත්ස්‍යයින්/කවච සහිත මත්ස්‍යයින් අභිජනන පර්යේෂණ සඳහා අභිජනනාගාරයක් ස්ථාපනය කිරීම
- දේශීය හා විදේශීය වෙළඳපොළෙහි ඉහළ ඉල්ලුමක් ඇති, කකුළුවන්, මුහුදු කූඩැල්ලන්, දෙපියන් බෙල්ලන්, සමුද්‍රීය මත්ස්‍යයින් සහ කවච සහිත අනෙකුත් මත්ස්‍යයින් අභිජනනය කිරීම සහ එවැනි මත්ස්‍යයින් වාණිජමය වශයෙන් ඇති කිරීමේ තාක්ෂණය වැඩිදියුණු කිරීම පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සඳහා වන අභිජනනාගාරයක් ස්ථාපනය කිරීම සඳහා කල්පිටිය, කන්දකුලිය ප්‍රදේශයේ පිහිටි අක්කර 05ක ඉඩම් කොටසක්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA) ‍වෙත ලබා දීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.