• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා බෙලරූස් ජනරජය අතර උදර්පණ ගිවිසුම
- අපරාධ වැළැක්වීමේදී සහ පාලනය කිරීමේදී දෙරට අතර වඩාත් ඵලදායී සහයෝගිතාවක් ඇති කරගැනීම සහ චූදිතයින්/වරදකරුවන් අදාළ රටට යැවීම සම්බන්ධයෙන් දෙරට අතර සබඳතාවලට පහසුකම් සැලසීමේ අරමුණින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා බෙලරූස් ජනරජය අතර උදර්පණය පිළිබඳ ගිවිසුමකට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.