• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉදි කිරීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
- ජාතික ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් සපයනු ලබන ඉදි කිරීම් කර්මාන්තය රටේ ප්‍රධාන රැකියා උත්පාදන ක්ෂේත්‍රයක්ද වෙයි. ඉදි කිරීම් කර්මාන්තයේ සියලු පාර්ශ්වකරුවන්ට ක්‍රමෝපායික නායකත්වය සැපයීම, තිරසර වර්ධනය - ප්‍රතිසංස්කරණ හා වැඩිදියුණු කිරීම් දිරිගැන්වීම, අඩු පිරිවැය හා පරිසර හිතකාමී තාක්ෂණය/ගොඩනැඟිලි ද්‍රව්‍ය හා පද්ධති ප්‍රවර්ධනය කිරීම, යෝග්‍ය පර්යේෂණ ප්‍රවර්ධනය, පර්යේෂණ කටයුතු ප්‍රචාරණය හා ප්‍රකාශයට පත් කිරීම, ප්‍රමිතීන්/චර්යා ධර්ම හා පරිචයන් සම්පාදනය කිරීම සහ විදේශයන්හි ඉදි කිරීම් සේවාවන්හි යෙදීම ප්‍රවර්ධනය කිරීම යන අරමුණු පෙරදැරිව, 2014 අංක 33 දරන ඉදි කිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ විධිවිධාන යටතේ ඉදි කිරීම් සම්බන්ධ ජාතික උපදේශක සභාව විසින් සම්පාදනය කරන ලද 'ඉදි කිරීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය' සහ එය ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණය පිළිගැනීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.