• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාදේශීය කොන්සල් කාර්යාල දෙකක් මාතර සහ යාපනයේ ස්ථාපනය කිරීම -
- විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සල් කාර්යාල දෙකක් මාතර සහ වවුනියාව ප්‍රදේශයන්හි ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එහෙත්, කොන්සල් සහාය නිරන්තරයෙන් ඉල්ලා සිටින උතුරු පළාතේ බහුතරයක් යාපනය දිස්ත්‍රක්කයේ ජනතාව බවට උතුරු පළාතේ දේශපාලන අධිකාරිය විසින් කරනු ලැබ ඇති කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන, උතුරු පළාතේ වෙසෙන බහුතර ජනතාවකට කොන්සල් සේවා සැපයීමේ අරමුණින්, වවුනියාව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිතව තිබූ ප්‍ර‍ාදේශීය කොන්සල් කාර්යාලය යාපනය ප්‍රදේශයේ පිහිටුවීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.