• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින්, ගිලා බැසීමේ අවදානමට ලක්ව තිබූ, එම විද්‍යාලයේ මහල් පහකින් සමන්විත වූ 'මුවර් ගොඩනැඟිල්ල' ඉවත් කර ඒ වෙනුවට සත්මහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ (SCAPC) නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.