• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික රෝහලේ අපස්මාර ඒකකය සඳහා ශල්‍යාගාර හා දැඩිසත්කාර ඒකක උපකරණ සැපයීම හා ස්ථාපනය කිරීම
- කොළඹ ජාතික රෝහලේ අලුතින් ඉදි කළ අපස්මාර ඒකකයෙන් උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා එම ඒකකයට අවශ්‍ය ශල්‍යාගාර හා දැඩිසත්කාර ඒකක උපකරණ සපයා දීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, ඊට අදාළ ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ලංසුකරුවන් වෙත ප්‍රදානය කිරීමටත්, ලංසු ඉදිරිපත් නොවූ හා ලංසු සුරක්ෂණය දීර්ඝ කිරීමේදී මිල වැඩි කිරීමක් ඉල්ලා ඇති උපකරණ සඳහා අලුතින් ලංසු කැඳවීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.