2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය |
රෝගීන්ට ඖෂධ එන්නත් කිරීම සඳහා භාවිත කරනු ලබන උපකරණ කට්ටල 7,000,000 ක් මිල දී ගැනීම - රෝගීන්ට ඖෂධ එන්නත් කිරීම සඳහා භාවිත කරනු ලබන එක් වරක් භාවිත කර ඉවත දැමිය හැකි අන්තඃශෛරික ද්‍රාවණ ලබා දීමේ කට්ටල 7,000,000 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. |