• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ රෝහල් සඳහා අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
- බහුලව භාවිත කෙ‍රෙන ප්‍රතිජීවක ඖෂධ වන කෝ- ඇමොක්සික්ලේව් බීපී මිලිග්‍රෑම් 625 පෙති හෝ ඇ‍මොක්සිලින් සහ කැල්වියුලනේට් පොටෑසියම් යූඑස්පී මිලිග්‍රෑම් 625 පෙති 19,000,000ක්, රජයේ රෝහල් සඳහා මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.