• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද රෝග ඒකකය අලුත්වැඩියා කිරීම
- දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ පැමිණෙන විවිධ සංකූලතාවන් සහිත හෘද රෝගීන් සුවපත් කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය මඟින් සුවිශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබේ. එම හෘද රෝග ඒකකය පවත්වා ගෙන යනු ලබන ගොඩනැඟිලි සංකීර්ණය අබලන් තත්ත්වයේ පවතින බැවින් එම ගොඩනැඟිලි සංකීර්ණය නවීකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එහි නවීකරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව හෘද රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද නව යෝජනා සැලකිල්ලට ගෙන, හෘද රෝගීන් සඳහා සිදු කෙරෙන සැත්කම් සාර්ථකව ඉටු කිරීමට හැකියාව ලැබෙන පරිදි එම ඒකකය සඳහා මධ්‍යම වායු සමීකරණ පද්ධතියක් අලුතින් සවි කිරීම හා අනිවාර්යයෙන් සිදු කළ යුතු අනෙකුත් අලුත්වැඩියා කටයුතු සිදු කිරීම ඇතුළත් කරමින් රුපියල් මිලියන 186.32ක සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ මෙම හෘද රෝග ඒකකය නවීකරණය කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.