• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින ඉඩකඩ හා යටිතල පහසුකම් වැඩිදියුණු කර එම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවල නිරත ශිෂ්‍යශිෂ්‍යාවන් සඳහා ගුණා‍ත්මක උසස් අධ්‍යාපනයක් ලබා දීම කෙරෙහි රජය විසින් ඉහළ ප්‍රමුඛතාවක් ලබා‍ දෙනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, වයඹ සහ රුහුණ විශ්වවිද්‍යාලවල මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ හා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ යටිතල පහසුකම් ඉදි කිරීමේ ව්‍යාපෘති, රුපියල් මිලියන 2,670ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.