• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ - මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
- මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන (2) කොටස, මීරිගමින් ආරම්භ වී කුරුණෑගල දක්වා දිවෙන අතර, එය කිලෝ මී‍ටර 39.29 ක දිගකින් යුක්ත වේ. එම කොටසෙහි ඉටු කළ යුතුව ඇති වැඩ පරිමාව සැලකිල්ලට ගෙන එය සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ හතරකට (04) බෙදනු ලැබ ඇත. ඒ අනුව, එකී සිවිල් වැඩ පැකේජ 04ට අදාළ කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ (CANC)නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.