• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පේරාදෙණිය පොලිස් ස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘතිය
- දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් ඇතුළු විශාල ජනගහනයකින් සමන්විත වූත්, ක්ෂණික මහජන සේවාවන් අවශ්‍ය වූත් පරිශ්‍රයක පිහිටි පේරාදෙණිය පොලිස් ස්ථානය සංවර්ධනය කිරීමේ කටයුතු 2008 වර්ෂයේදී ආරම්භ කිරීමට සැලසුම් කළද විවිධ හේතු නිසා එම කටයුතු මේ දක්වා සිදුවී නොමැත. ඒ අනුව, වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අංග සම්පූර්ණ පොලිස් ස්ථානයක් වශයෙන් පේරාදෙණිය පොලිස් ස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 141ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.