• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බද්දේගම, වනාතවිල්ලුව, මීගහතැන්න සහ කටුපොත පොලිස් ස්ථාන ඉදි කිරීම
- ශ්‍රී ලංකා පොලීසිය මඟින් වඩාත් කාර්යක්ෂම සේවාවවක් මහජනතාව වෙත ලබා දීමේ ඇමුණින් නව පහසුකම් සහිත පොලිස් ස්ථාන ඉදි කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතී. ඒ යටතේ 2017 වර්ෂයේදී සිදු කිරීමට නියමිත, දැනට පවතින පොලිස් ස්ථාන සංව‍ර්ධනය කිරීමට අමතරව, කුලියට ගත් ගොඩනැඟිලිවල හෝ ඉතා පැරණි ගොඩනැඟිලිවල පවත්වා ගෙන යනු ලබන බද්දේගම, වනාතවිල්ලුව, මීගහතැන්න සහ කටුපොත යන පොලිස් ස්ථාන සඳහා රුපියල් මිලියන 370.3ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ නව ගොඩනැඟිලි ඉදි කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.