• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුබසාධක මධ්‍යස්ථා‍නවල වෙසෙන, ඉඩම් අහිමි අභ්‍යන්තර අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම
- සුබසාධක මධ්‍යස්ථානවල වෙසෙන අභ්‍යන්තර අවතැන්වූ පවුල් නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට රජය පියවර ගනිමින් සිටී. යාපනය දිස්ත්‍රික්කය තුළ පවතින සුබසාධන මධ්‍යස්ථානවල අභ්‍යන්තර අවතැන් වූ පවුල් 971ක් තවදුරටත් පදිංචිව සිටියි. ඒ අතුරින් පවුල් 682ක් ඉඩම් අහිමි පවුල් වන අතර, එයින් පවුල් 462ක් විකල්ප ඉඩම් වල පදිංචි කිරීමට පියවර ගෙන ඇති නමුත් තවත් පවුල් 220ක් පදිංචි කරවීම සඳහා ඉඩම් සොයාගත යුතු වේ. යාපනය දිස්ත්‍රික්කය තුළ රජයේ ඉඩම්වල හිඟයක් පවතින බැවින්, මෙම පවුල් 220 පදිංචි කරවීම සඳහා එක් පවුලකට පර්චස් 20ක් බැගින් පෞද්ගලික ඉඩම් මිල දී ගැනීමට යෝජනා වී තිබේ. ඒ සඳහා අවශ්‍ය පෞද්ගලික ඉඩම් යාපනය දිස්ත්‍රික් ලේකම් මඟින් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 88ක ප්‍රතිපාදන වෙන් කරගැනීම පිණිස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.