• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය වැඩිදියුණු කිරීම
- ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් වර්ෂයකට විභාග 270ක් පමණ පවත්වනු ලබන අතර, එම විභාග සඳහා අවශ්‍ය ලක්ෂ 160කට අධික ප්‍රශ්න පත්‍ර ඇතුළු වෙනත් ලේඛන විශාල ප්‍රමාණයක් මුද්‍රණය කිරීම එම දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය මඟින් සිදු කරනු ලැබේ. ප්‍රශ්න පත්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කරගනිමින් දෝෂවලින් තොරව මනා නිමාවක් සහිතව ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා මෙම මුද්‍රණාලය නවීකරණය කළ යුතු බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 530ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය සඳහා ඩිජිටල් තාක්ෂණයෙන් යුත් මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ මිල දී ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.