• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුර හා නැ‍ඟෙනහිර පළාත්වල පිහිටි විහාරස්ථාන 100ක් සංවර්ධනය කිරීම
- උතුර හා නැ‍ඟෙනහිර පළාත්වල පිහිටා ඇති බෞද්ධ විහාරස්ථාන බෝහෝමයක් අඩු පහසුකම් සහිත දුෂ්කර විහාරස්ථාන වශයෙන් හඳුනාගත හැකිය. එම විහාරස්ථානවල පානීය ජල පහසුකම් සහ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් අවම මට්ටමක පවතින අතර, දායක පවුල් සංඛ්‍යාවද සීමිත වීම හේතුවෙන් එවැනි පහසුකම් ගොඩනඟා ගැනීමට තරම් ප්‍රමාණවත් ආර්ථික ශක්තියක් එම විහාරස්ථාන සතුව නොමැත. ඒ අනුව, චීනයේ ග්වාන්දූන් (Gwandoon) ප්‍ර‍දේශයේ බෞද්ධ සංගමයේ සභාපති පූජ්‍ය මින්ග් ෂින් (Rev. Ming Sheng) හිමියන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 20.24ක මුදල උපයෝගි කරගනිමින්, උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල පිහිටා ඇති තෝරාගත් අඩු පහසුකම් සහිත විහාරස්ථාන 100ක සනීපාරක්ෂක පහසුකම් (වැසිකිළි - කැසිකිළි පහසුකම්) වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.