• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීදුවේ, විජය කුමාරතුංග අනුස්මරණ රෝහල සංවර්ධනය කිරීම
- සීදුවේ, විජය කුමාරතුංග අනුස්මරණ රෝහල සංවර්ධනය කිරීම සඳහා පහත සඳහන් ව්‍යාපෘති දෙක (02) ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* රෝහලේ කාර්යාල හා සායන පිහිටි ගොඩනැඟිල්ල රුපියල් මිලියන 35ක ඇස්තමේන්තුගත පිරිවැයකින් පුළුල් කර නවීකරණය කිරීම;

* හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක්, වෛද්‍ය හා ශල්‍ය වාට්ටු, දෙවන අක්ෂි වාට්ටුව, දියවැඩියා ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, දැඩි සත්කාරක ඒකකයක්, රසායනාගාර හා එක්ස් කිරණ අංශය, වෛද්‍යවරුන් සඳහා කාමර මෙන්ම හෙද නේවාසිකාගාර පහසුකම් ස්ථාපිත කළ හැකි පරිදි මහල් හයකින් යුත් ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 1,431ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම.