• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ සුඩානය අතර ද්වීපාර්ශ්වික උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුම
- දෙරට අතර දැනට පවත්නා මිත්‍රත්වය හා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා සුඩාන ජනරජයේ (උතුරු සුඩානයේ) විදේශ කටයුතු අමාත්‍යාංශය අතර ද්වීපාර්ශ්වික උපදේශනයන් පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.