• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක අරමුදල් සලසා ගැනීම
- මොරගහකන්ද ජලාශය වෙත වාරි ජලය ඝන මීටර මිලියන 100ක් වාර්ෂිකව මුදා හැරීමේ හා හෙක්ටයාර 3,000ක නව වාරි ප්‍රදේශයක් සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙමින් පවතින කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරෙන කළුගඟ ජලාශයේ ඉදි කිරීම් 2018 වර්ෂය අවසන් වන විට නිම කිරීමට අපේක්ෂිතය. පෙර හඳුනා නොගත් භූගෝලීය තත්ත්වයන් හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ විෂය පථය වෙනස් වී ඇති අතර, ඒ අනුව එහි කොන්ත්‍රාත් පිරිවැය සංශෝධනය කරනු ලැබ තිබේ. එම අතිරේක අරමුදල් අවශ්‍යතාවෙන් කොටසක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) සමඟ සාකච්ඡා පැවැත්වීමට හා ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.