• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම
- නළ ජලය සැපයීම මඟින් තලාව, තඹුත්තේගම සහ ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාස 42ක් සඳහා සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබා දීමේ අරමුණින් තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට චීන සංවර්ධන බැංකුව හා ලංකා බැංකුව සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.