• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෙරළ ආරක්ෂක කටයුතු වඩාත් ශක්තිමත් කිරීම සඳහා නව පනතක් සම්පාදනය කිරීම
- 2009 අංක 41 දරන පනත මඟින් ස්ථාපිත කරනු ලැබ ඇති වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු‍වෙන් අපේක්ෂිත කාර්යභාරය එම දෙපාර්තමේන්තුවේ වර්තමාන ආයතනික ව්‍යූහය තුළ ක්‍රියාවට නැංවීම දුෂ්කර බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, කාලීන අවශ්‍යතාවන්ද සැලකිල්ලට ගෙන, මෙම දෙපාර්තමේන්තුව වෙරළ ආරක්ෂක නීතිය බලාත්මක කිරීමේ ආයතනයක් වශයෙන් වඩාත් ශක්තිමත්ව ස්ථාපිත කිරීමේ අරමුණින්, 2009 අංක 41 දරන වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු පනත පරිච්ඡින්න කර නව පනතක් සම්පාදනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.