• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඩු ආදායම්ලාභී සහ මැදි ආදායම්ලාභී නිවාස හිමිකම් වැඩසටහන සඳහා මහා භාණ්ඩාගාරයෙහි විශේෂ කාර්ය ඒකකයක් පිහිටුවීම
- අඩු ආදායම්ලාභී පවුල් සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස හිමිකාරිත්වය ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 120,000ක්ද, මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 500,000ක්ද වශයෙන් සමස්ත නිවාස 620,000ක් 2019 වර්ෂය වන විට ඉදි කිරීමට අපේක්ෂිතය. මෙම වැඩසටහනට ජාතික ප්‍රමුඛතාවක් ලබා දෙමින් ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් කඩිනමින් ලබාගැනීම, අදාළ ඉඩම් වෙන් කරගැනීම සහ ව්‍යාපෘතිය නියමිත කාල රාමු තුළ ඉටු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් මහා භාණ්ඩාගාරය යටතේ විශේෂ කාර්ය ඒකකයක් (Special Purposes Vehicle-SPV) පිහිටුවීම පිණිස ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.