• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා වායු සමනය කරන ලද මගී මැදිරි සහිත ඩීසල් බලවේග කට්ටල 06ක් සැපයීම
- වඩාත් කාර්යක්ෂම හා සුවපහසු සේවාවක් දුම්රිය මගීන්‍ වෙත ලබා දීමේ අරමුණින්, ඉන්දියානු ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත වායු සමනය කරන ලද මගී මැදිරි සහිත ඩීසල් බලවේග කට්ටල 06ක් ප්‍රසම්පාදනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.