• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ වයඹ පළාත් ඇළ ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- කුඹුරු හෙක්ටයාර 12,500ක් ‍පෝෂණය කිරීමේ අරමුණින්, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. එහි පළමු අදියර යටතේ වෑමැඩිල්ල වම් ඉවුර ප්‍රධාන ඇළ මාර්ගය නෑබඩගහවත්ත ජලාශය දක්වා කිලෝමීටර 5.25ක් දිගින් යුතුව සංවර්ධනය කිරීමටත්, වෑමැඩිල්ල වැවෙහි නව සොරොව්වක් ඉදි කිරීමටත්, එම නව සොරොව්වේ සිට වෑමැඩිල්ල වම් ඉවුර ප්‍රධාන ඇළ දක්වා ඇළ මාර්ගයක් මීටර 600ක් දිගින් යුතුව ඉදි කිරීමටත් යෝජිතය. ඒ අනුව, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.