• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉහළ ඇළහැර ඇළ ඉදි කිරීම
- උතුරු මැද පළාතට ජලය සැපයීම අරමුණු කරගනිමින්, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, රුපියල් මිලියන 3,254ක ඇස්තමේන්තුවක් යටතේ, ඉහළ ඇළහැර ඇළ කිලෝමීටර 6.2ක් දිගින් යුතුව ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.