• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය (මූල්‍ය නගර ව්‍යාපෘතිය) ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් පිළිගැනීම
- යෝජිත කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය (මූල්‍ය නගර ව්‍යාපෘතිය), ඒ සම්බන්ධයෙන් උද්ගතව පැවති අදාළ අනුමැතීන් ලබාගැනීම, පාරිසරික බලපෑම් තක්සේරු කිරීම ආදී ගැටලු නිරාකරණය කරගනිමින් නැවත ආරම්භ කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පන‍ෙත් 3(3)වගන්තිය යටතේ ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් පිළිගැනීමටත්, ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කිරීමටත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.