• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගින්නෙන් හානියට පත් කිලිනොච්චි පොදු වෙළෙඳ‍පොළේ කඩසාප්පු වෙනුවෙන් වන්දි මුදල් ලබා දීම
- 2016-09-16 වන දින කිලිනොච්චි දිස්ත්‍රික් පොදු වෙළඳපොළේ සිදු වූ ගිනිගැනීම හේතුවෙන් කඩසාප්පු 122ක් හානියට පත්විය. එමඟින් හානියට පත් වෙළෙඳුන්ට සහන සැලසීමේ අරමුණින්, අදාළ හානි තක්සේරු කිරීම සඳහා පත් කෙරුණු පරීක්ෂණ කමිටුවේ නිර්දේශ පරිදි, ගින්නෙන් හානියට පත් කඩසාප්පු 122හි වෙ‍ෙළඳ කටයුතුවල නිරතව සිටි වෙළෙඳුන්ට රුපියල් මිලියන 74ක වන්දි මුදලක් ලබා දීමටත්, නවීන පහසුකම්වලින් සමන්විත ගිනි නිවීමේ පද්ධතියක් රුපියල් මිලියන 97ක පිරිවැයකින් කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීමටත්, ගින්නෙන් හානියට පත් වෙළඳ ආයතන ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 150ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ස්ථිර පොදු වෙ‍ෙළඳපොළ සංකීර්ණයක් ඉදි කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.