• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විධිමත් කසළ කළමනාකරණ වැඩසටහනක් යටතේ රාජ්‍ය ආයතනවල එකතු වන කසළ වෙන් කොට බැහැර කිරීම
- මානව ක්‍රියාකාරකම් හේතුවෙන් එක්රැස් වන කසළ අවිධිමත් ලෙස පරිසරයට බැහැර කිරීම වර්තමානය වන විට විශාල ගැටලුවක් බවට පත්ව ඇත. මෙම තත්ත්වයට විසඳුමක් දීම සඳහා වන ආරම්භක පියවරක් ලෙස අමාත්‍යාංශවල හා ඒවා යට‍ෙත් පවතින සියලුම ආයතනවල එක්රැස් වන අපද්‍රව්‍ය, දිරාපත් වන කසළ හා දිරාපත් නොවන කසළ වශයෙන් වර්ග ‍කොට අදාළ පළාත් පාලන ආයතන වෙත විධිමත් පරිදි භාර දීමට රාජ්‍ය ආයතන තුළ ක්‍රමවේදයක් යෙදීමටත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සැලසීම සඳහා අමාත්‍යවරුන්ගේ සහාය ලබාගැනීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.