• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදේශගත ශ්‍රමිකයන් සඳහා යෝජිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය
- විදේශගතව සේවය කරනු ලබන ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කිරීම පිණිස අදාළ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් 2015 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදී. ඒ අනුව, එම කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති, 'විගමනික ශ්‍රමිකයන් සඳහා වන යෝජිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය' ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමට හා යෝග්‍ය පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමටත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද- විදේශගතව සේවය කරනු ලබන ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කිරීම පිණිස අදාළ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් 2015 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදී. ඒ අනුව, එම කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති, 'විගමනික ශ්‍රමිකයන් සඳහා වන යෝජිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය' ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමට හා යෝග්‍ය පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමටත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.