• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - (අපරාධ වරදක වගකීම දැරීමේ අවම වයස් සීමාව ඉහළ නැංවීම)
- ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන, අපරාධයක වගකීම් දැරීමේ අවම වයස් සීමාව වන අවුරුදු 08 යන්න ඉතා ළාබාල වයස් සීමාවක් බව මනෝ වෛද්‍යවරුන්ගේ සහ අදාළ ක්ෂේත්‍රවල විශේෂඥවරුන්ගේ මතය වේ. ඒ අනුව වයස අවුරුදු 12ට අඩු ළමයකු විසින් වරදක් සිදු කරනු ලැබූ විට, එම වරද සඳහා අදාළ ළමයාට දඬුවම් නොකළ යුතු බවට සහ වයස අවුරුදු 12ට වැඩි එහෙත් අවුරුදු 14ට අඩු ළමයකු සම්බන්ධයෙන් වන විට, චෝදනා කරනු ලැබ ඇති වරද සිදු කිරීම සඳහා ප්‍රමාණවත් චේතනාවක් ඇති කරගැනීමට තරම් මේරූ බුද්ධියක් අදාළ ළමයාට ඇතැයි යන්න මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය වේ නම් පමණක් අදාළ වරද සඳහා දඬුවම් පැමිණවීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කරමින් සකස් කරනු ලැබ ඇති දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.