• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුණ්‍යාධාර භාර අරමුදලක් පිහිටුවීම - ශ්‍රී ලංකා බෞද්ධ වන්දනා විශ්‍රාම ශාලාව (SLBPR)
- ඉන්දියාවට පැමිණෙන වන්දනාකරුවන් සඳහා නවාතැන් පහසුකම් සපයන, නව දිල්ලියේ පිහිටි 'ශ්‍රී ලංකා බෞද්ධ වන්දනා විශ්‍රාම ශාලාව', පණ්ඩිත් ජවහර්ලාල් නේරු මැතිතුමා ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයාව සිටි සමයේදී එතුමා විසින් ශ්‍රී ලංකා රජය වෙත පවරා දෙනු ලැබ ඇත. එම විශ්‍රාම ශාලාව එමඟින් අපේක්ෂිත අරමුණුවලට අනුව භාවිත කරනු ලබන බව තහවුරු කිරීමටත්, මනා කළමනාකාරිත්වයක් සහිතව පවත්වා ගෙන යාමටත්, වන්දනාකරුවන්ට උසස් තත්ත්වයේ නවාතැන් හා පහසුකම් එමඟින් සැපයීමටත්, ඉන් උපයන ආදායම පුණ්‍ය කටයුතු සඳහා යොදා ගැනීමටත් හැකි වන පරිදි, ඒ සඳහා පුණ්‍යාධාර භාර අරමුදලක්, භාර ආඥාපනත යටතේ පිහිටුවීම පිණිස බුද්ධ ශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.