• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තලංගම පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම සඳහා බත්තරමුල්ල, පාර්ලිමේන්තු පාරෙහි පිහිටි ඉඩම් කොටසක් වෙන්කර දීම
- තලංගම පොලිස් ස්ථානය මඟින් ග්‍රාම සේවා වසම් 240 ක් ආවරණය කරමින් 170,000 ක පමණ ජනතාවකට සේවය සලසනු ලැබේ. මෙම පොලිස් ස්ථානය පිහිටා ඇත්තේ ප්‍රධාන මාර්ගයෙන් ඇතුළත අතුරු මාර්ගයක පිහිටි පර්චස් 44 ක් පමණ වන කුඩා ඉඩම් කොටසක වේ. ඒ හේතුවෙන් මෙම පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන පොලිස් නිලධාරින්ට මෙන්ම එහි සේවය ලබා ගැනීමට පැමිණෙන මහජනතාවටද විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වේ. ඒ අනුව, තලංගම පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම සඳහා, බත්තරමුල්ල, පාර්ලිමේන්තු පාරෙහි පිහිටි, නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 01 ක ඉඩම් කොටසක් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.