• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ කොටුව/පිටකොටුව - බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් පිහිටුවීම
- බස්නාහිර කලාපීය මහා නගරය සඳහා වන විස්තීර්ණ කළමනාකරණ සැලැස්ම යටතේ වන යෝජනාවන් අතරට කොළඹ කොටුව/පිටකොටුව - බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමද ඇතුළත් වේ. ඒ අනුව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි, මහජනතාවට සුවපහසු හා කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් ලබා දීමේ අරමුණින්, සියලු ප්‍රවාහන මාදිලි ඒකාබද්ධ කරමින් කොළඹ කොටුව/පිටකොටුව - බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානය ස්ථාපිත කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.