• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'සියලු දෙනාට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයක් සඳහා නිපුණතා වැඩසටහන' වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා ඕස්ට්‍රේලියානු රජය අතර උපයෝගීතා ගිවිසුම අත්සන් කිරීම
- අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි තරුණ - තරුණියන්ට ගුණාත්මක නිපුණතා සංවර්ධන අධ්‍යාපන අවස්ථා ලබා දීම තුළින් සංචාරක ක්ෂේත්‍ර‍ෙය් රැකියා සඳහා අවශ්‍ය නිපුණතා ඇති කර ලී‍ෙම් වැඩසටහනක් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය විසින් 2016-2019 කාලවකවානුව තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිතය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුව (DFAT) මඟින් ලබා දීමට එකඟ වී ඇති ඇමරිකානු ‍ෙඩාලර් මිලියන 15ක මූල්‍ය ප්‍රදානය ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය හා ඕස්ට්‍රේලියානු රජය අතර උපයෝගිතා ගිවිසුමකට එළඹීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.