• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා සෝයා බෝංචි මිල දී ගැනීම
- සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පහත පරිදි තීරණය කරන ලදී:

* ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් සෝයා බෝංචි ගොවීන්ගෙන් මිල දී ගනු ලැබ ඇති සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 5,000ක් සෘජුවම ත්‍රිපෝෂ සමාගමට සැපයීම;

* ඉදිරියේදී, ජාතික ත්‍රිපෝෂ වැඩසටහන සඳහා අවශ්‍ය සෝයා බෝංචි ප්‍රමාණය සෝයා බෝංචි වගා කරනු ලබන ගොවීන්ගෙන් සමන්විත ලියාපදිංචි ගොවි සංවිධානවලින් මිල ගණන් කැඳවා මිල දී ගැනීම.