• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ළමා ක්‍රියාකාරකම් පිළිබඳ සමීක්ෂණය - 2015/16
- ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් ලබා දෙනු ලබන මුදල් ප්‍රදානයන් යොදවා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ළමා ක්‍රියාකාරකම් පිළිබඳ සමීක්ෂණයක් 2015-2016 කාලවකවානුව තුළදී පවත්වනු ලැබ ඇති අතර, එහි දත්ත ගොනුව සකස් කොට පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට සිදු කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙම සමීක්ෂණයේ අවසන් වාර්තාව පිළියෙල කිරීමටත්, සමීක්ෂණයෙන් අනාවරණය වූ තොරතුරු පිළිබඳව අදාළ ආයතන සහ මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලබා දෙනු ලබන රුපියල් මිලියන 4.35ක අමතර අරමුදල් උපයෝගී කරගනිමින් සිදු කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.