• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර මහරෝහලේ මාතෘ හා ළදරු ඒකක සංවර්ධනය කිරීම
- මාතර මහ රෝහල මඟින් මාතර දිස්ත්‍රික්කය තුළ සිටින නේවාසික රෝගීන්ගෙන් අඩකට පමණ පහසුකම් සැලසෙයි. මාතර මහ රෝහල මාතර නගර මධ්‍යයේ සීමිත ඉඩ ප්‍රමාණයක් පිහිටා ඇති බැවින්, දැඩි තදබදයකින් යුක්ත වන අතර, එහි ඉඩකඩ පුළුල් කිරීමේ හැකියාවද සීමාසහිත වේ. එමෙන්ම මාතර, ගොඩගම ප්‍රදේශයේ ඉදි කරනු ලැබ ඇති කොරියා-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහල ඵලදායීව භාවිත කිරීම කෙරෙහිද අවධානය යොමු වී තිබේ. ඒ අනුව, මාතර මහ රෝහලේ මාතෘ හා ළදරු ඒකක මාතර, ගොඩගම ප්‍රදේශයේ පිහිටි කොරියා-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලෙහි ස්ථාපනය කිරීමට යෝජනා වී ඇත. ඒ සඳහා කොරියා-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලෙහි නව වාට්ටු සංකීර්ණයක් ස්ථාපිත කිරීම පිණිස ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 8.5ක ප්‍රදානයක් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා අරමුදල වෙතින් ලබාගැනීම සඳහා කටයුතු යොදා ඇති බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.