• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආබාධිත රණවිරුවන් සඳහා කෘත්‍රීම උපාංග සෑදීමේ කටයුතු වෙනුවෙන් රාගම 'රණවිරු සෙවණ' තුළ දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- රාගම 'රණවිරු සෙවණ' යටතේ පවත්වා ගෙන යනු ලබන සෘජුකාරක හා අංගාදේශක අංශය විසින් ආබාධිත රණවිරුවන් සඳහා කෘත්‍රීම උපාංග සෑදීම සිදු කරනු ලබයි. එම අංශය මඟින් විවිධ උපාංග සකස් කරවා ගැනීම සඳහා ආබාධිත රණවිරුවෝ 3,000කට අධික පිරිසක් දැනට ලියාපදිංචි වී සිටිති. මෙම උපාංග සෑදීම සිදු කරනු ලබන සෘජුකාරක හා අංගාදේශක අංශය ඉතාමත් අඩු පහසුකම් යටතේ පවත්වා ගෙන යනු ලබන අතර, එයට විසඳුමක් වශයෙන් අත්‍යවශ්‍ය මූලික පහසුකම් සහිත දෙමහල් ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 81.43ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, රාගම 'රණවිරු සෙවණ' තුළ ඉදිකිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.