• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ආයතනවල පොදුවේ භාවිත වන අයිතමයන් මිල දී ගැනීම සඳහා ස්වාධීන මධ්‍යගත ප්‍රසම්පාදන ආයතනයක් පිහිටුවීම
- රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ සිදු වන අනවශ්‍ය ප්‍රමාදයන් හා නාස්තිය අවම කරගැනීමටත්, මහා පරිමාණ වශයෙන් ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමේදී ලැබෙන වාසියත්, භාණ්ඩවල ගුණාත්මකභාවය, මිලට සරිලන වටිනාකම ලබාගැනීම ආදී කරුණු ද සැලකිල්ලට ගෙන රජයේ ආයතනවලට පොදුවේ අවශ්‍ය වන භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා ස්වාධීන මධ්‍යගත ප්‍රසම්පාදන ආයතනයක් ඇති කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, ප්‍රසම්පාදන කටයුතුවලට අදාළ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණතාවක් සහිත සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන මධ්‍යගත ප්‍රසම්පාදන ආයතනයක් පිහිටුවීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.