• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇ.ඩො.මිලියන 75කට සමාන විශේෂ හැර ගැනුම් හිමිකම් ව්‍යවහාර ණය මුදලක් ලබාගැනීම
- සමාජයේ දිළිඳු සහ අවදානමට ලක්ව ඇති ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දීම පිණිස ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සමාජ ආරක්ෂක ජාල වැඩසටහන්වල සාධාරණත්වය, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩිදියුණු කිරීම පිණිස 'සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය 2017-2022' ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය විසින් සැලසුම් කරනු ලැබ ඇත.

ඒ සඳහා අවශ්‍ය ණය පහසුකම් ශ්‍රී ලංකා රජය වෙත සලසා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) විසින් කැමැත්ත පළ කරනු ලැබ ඇත. ඒ අනුව, ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 75කට සමාන හැර ගැනුම් හිමිකම් ව්‍යවහාර ණය මුදලක් (Credit of Special Drawing Rights) ලබාගැනීම සඳහා ලෝක බැංකුව සමඟ මූල්‍ය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.