• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන (2016 -2018) යටතේ ගුණාත්මක ආහාර පර‍ිභෝජනය දිරිගැන්වීම
- රසායනික ද්‍රව්‍ය භාවිත කර වගා කරන ආහාර ද්‍රව්‍ය පරිභෝජනය නිසා ඇති වන බෝ නොවන රෝගවලට ජනතාව වැඩි වශයෙන් ගොදුරු වන බව සමීක්ෂණවලින් තහවුරු වී ඇති අතර, ගුණාත්මක ආහාර පරිභෝජන රටාවකට ඔවුන් යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක්ව පවතී. එබැවින්, දැනට රජයේ ප්‍රමුඛ අවධානය යොමුව ඇති 'ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනෙහි' ප්‍රධාන අංශයක් ලෙස වසවිසෙන් තොර ගුණාත්මක ආහාර පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමට අවධානය යොමු කරනු ලැබ ඇත. එහිදී උද්ගතව ඇති ප්‍රධානතම ගැටලුවක් වනුයේ ගුණාත්මක ආහාර භෝග වගාවට අවශ්‍ය බීජ ප්‍රමාණවත්ව නොමැති වීමයි. ඒ අනුව, ගුණාත්මක බිත්තර වී ගුණනය හා ව්‍යාප්තිය සඳහා 2016/2017 මහ කන්නයේදී පාරම්පරික බිත්තර වී ප්‍රමාණයක් රජය මඟින් නොමි‍ලේ ලබා දීමේ අරමුණින්, දැනට පාරම්පරික වී වර්ග වගා කර ඇති ගොවිබිම්වලින් සුදුසු බිත්තර වී කිලෝග්‍රෑම් 400,000ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහාය ලබාගනිමින් මිල දී ගෙන, ඒවා අදාළ බලධාරින්ගේ සහාය ඇතිව තෝරා ගනු ලැබූ ගොවීන් ‍අතර බෙදා දීමටත්,ඔවුන්ට අවශ්‍ය තාක්ෂණය ලබා දීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.