• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකර්මය පදනම් කරගත් කර්මාන්ත සහ කෘෂි නිෂ්පාදන අලෙවි යටිතල පහසුකම් ප්‍රවර්ධන ව්‍යාපෘතිය
- 'රජරට න‍වෝදය' ජනපති වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන 'පුබුදමු පොළොන්නරුව' බහු ආංශික සංවර්ධන වැඩසටහනට ඇතුළත් ක්ෂේත්‍ර අතුරින් කෘෂි අලෙවිදාම ස්ථාපිත කිරීම හා කෘෂි ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු වී ඇත. ඒ අනුව, කෘෂිකර්මය පදනම් කරගත් කර්මාන්ත සහ කෘෂි නිෂ්පාදන අලෙවි යටිතල පහසුකම් ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සලසා දීමට චීන රජය විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.