• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පන්නල - මාකඳුර - කුලියාපිටිය ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රදේශ‍ය, මාකඳුර ප්‍රදේශයේ කොටසක්, සහ කුලියාපිටිය (නැ‍ඟෙනහිර හා බටහිර) හා උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටසක් ආවරණය වන පරිදි සැලසුම් කරනු ලැබ ඇති යෝජිත පන්නල - මාකඳුර - කුලියාපිටිය ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් 112,000ක පමණ ජනගහනයකට සෞඛ්‍යාරක්ෂිත පානීය ජල සැපයුමක් ලබා දීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ (SCAPC) නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.