• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අත්තිඩියේ පිහිටි අධි සංඛ්‍යාත සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම
- අත්තිඩියේ පිහිටි අධි සංඛ්‍යාත සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය ඇන්ටෙනා සමඟ අධි සංඛ්‍යාත ගගනගාමී සම්ප්‍රේෂක තුනක් සවි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.