• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වනඅලි තර්ජනය පවතින ගම්බිම් වටා කිලෝමීටර 800ක් දිගැති විදුලිවැට ඉදි කිරීම
- වනඅලි-මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව මිනිස් ජීවිත 60-80 අතර සංඛ්‍යාවක් අහිමිවන අතර, වනඅලි 200කට අධික සංඛ්‍යාවකගේ ජීවිත ද අහිමි වේ. ආහාර හා ජලය සොයමින් කෘෂිකාර්මික වගා බිම් වෙත පැමිණෙන වනඅලි පාලනය කිරීම තුළින් මෙම ගැටුම සැලකිය යුතු මට්ටමකට පාලනය කර ගත හැකි අතර, ඒ සඳහා ගතහැකි වඩාත්ම ඵලදායී ක්‍රමවේදය වන්නේ විදුලි වැට ඉදි කිරීම බව අනාවරණය වී ඇත. වන රක්ෂිත හා වනඅලි තර්ජනය පවතින ගම්මාන හා වගා බිම් වටා මේ වන විට ඉදි කරනු ලැබ ඇති විදුලි වැට දිග ප්‍රමාණය කිලෝමීටර 3,300ක් පමණ වේ. 'වනඅලි මිනිස් ගැටුම් කළමනාකරණ ජාතික සැලසුම' යටතේ, 2016 වර්ෂයට අවශ්‍ය විදුලි වැට කිලෝමීටර 275ක ප්‍රමාණයක් ඉදි කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. ඒ යටතේ, වනඅලි-මිනිස් ගැටුම් බහුලව වාර්තා වන වනජීවී කලාප 07ක් තුළ 2017 වර්ෂයේදී කිලෝමීටර 800ක දිගකින් යුතු විදුලි වැට ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය උපකරණ මිල දී ගැනීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.