• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාර්ලිමේන්තු සභා ගර්භයේ දැනට ඇති සංවෘත පරිපථ රූපවාහිනි (CCTV) පද්ධතිය වෙනුවට නව පද්ධතියක් සවි කිරීම
- පාර්ලිමේන්තුවේ දැනට පවතින ශබ්ද පද්ධතිය, සංවෘත පරිපථ රූපවාහිනි (CCTV) පද්ධතිය, ප්‍රධාන ඔ‍රලෝසු පද්ධතිය සහ දුරකථන හුවමාරුව වෙනුවට අලුත් පද්ධති සවි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා‍ ‍ෙදනු ලැබ ඇත. ඒ අනුව, පාර්ලිමේන්තුවේ දැනට පවතින CCTV පද්ධතිය වෙනුවට ඩිජිටල් රූපවාහිනි පද්ධතියක් සවි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.