• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් 2016-2018 කාල සීමාව තුළ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති
තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබන 'ඉ - ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය' සහ අන්තර්ජාලගත උපාංග භාවිතය වැඩිදියුණු කිරීම හා නවෝත්පාදනයන් සිදු කිරීම පිණිස පාසල් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්, තරුණ පරපුර හා තරුණ ව්‍යවසායකයින් දැනුම්වත් කිරීම සඳහා වූ 'අන්තර්ජාලගත උපාංග (Internet of Things) ව්‍යාපෘතිය' යන ව්‍යාපෘති දෙක (02), පිළිවෙළින් රුපියල් මිලියන 662ක හා රුපියල් මිලියන 133ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, 2016-2018 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.